
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට කංසා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් හිටපු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන බ්‍රිතාන්‍ය කාන්තාවකට සහාය දක්වන බව එක්සත් රාජධානියේ නිලධාරීන් පවසා තිබේ.
දකුණු ලන්ඩනයේ කෝල්ස්ඩන් හි පදිංචිකාරියක වන 21 හැවිරිදි චාලට් මේ ලී, බැංකොක් සිට ගුවන් යානයකින් පැමිණි අවස්ථාවේ කටුනායක ප්‍රධාන ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍යයේ MailOnline සහ Sun වාර්තා කළේය.
කංසා මාදිලියක් වන කුෂ් කිලෝග්‍රෑම් 46ක් අඩංගු ගමන් මලු දෙකක දමාගෙන රට තුළට ගෙන ඒමට උත්සාහ කළ බවට ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඇයට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයක දැක්වුණේ “ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය කාන්තාවකට අපි සහාය දෙන අතර ඒ වෙනුවෙන් ඇගේ පවුලේ අය සහ දේශීය ආයතන සමඟ අප සම්බන්ධ වනවා,” යනුවෙනි.
අත්අඩංගුවේ සිටින කාන්තාව TUI ගුවන් සේවයේ හිටපු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකාවක බවත් පසුව රූපලාවන්‍ය ශිල්පිණියක ලෙස සේවය කරන බවත් වාර්තා වේ.
කුෂ් යනු කංසා, ෆෙන්ටැනයිල්, ට්‍රැමඩෝල් සහ ෆෝමල්ඩිහයිඩ් වල කෘත්‍රිම මිශ්‍රණයකි.
බටහිර අප්‍රිකාවේ සුවිසල් විනාශයක් සිදු කිරීමට මෙම මත්ද්‍රව්‍ය හේතුවූ බවට චෝදනා එල්ල වේ.
ඇතැම් වාර්තාවලින් පෙනී යන්නේ මෙම මත්ද්‍රව්‍ය හේතුවෙන් සෑම සතියකම පුද්ගලයන් දුසිමක් පමණ මියයන බවයි.
මෙම මත්ද්‍රව්‍ය හේතුවෙන් සියෙරා ලියොන්හි පමණක් දහස් ගණනක් රෝහල් ගත කරන බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart