
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට ඇතුළත් වන සිසුන් සඳහා විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට උපාධි දෙකක් පිරිනැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ කලා උපාධියට අමතරව තාක්ෂණ හා පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් ද ලබා ගැනීමට සිසුන්ට මෙහිදී අවස්ථාව ලැබෙන බවයි.
තාක්‍ෂණය සහ පරිගණක විද්‍යාවට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පරිගණක විද්‍යාගාර ඉදිකිරීම සහ අවශ්‍ය තාක්‍ෂණය ලබාදීමෙන් රජය මේ වෙනුවෙන් සියලු කටයුතු සහ ආයෝජන සිදු කර ඇති බවද සභාපතිවරයා පැවසීය. සභාපතිවරයාර අනුව පසුගිය වසර වන විට ඉහත පහසුකම් ලබාදීමට රජය රුපියල් මිලියන 400ක් වැය කර ඇත.
මේ වන විට එකම විෂය ධාරාවකින් සිසුන් විශාල සංඛ්‍යාවකින් සමත්වීම හේතුවෙන්, විරැකියා තත්ත්වය ඉහළ යමින් පවතින බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart