
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ පිහිටි ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ග්ලෝබල් ලීසිං ලිමිටඩ්(Global Leasing Ltd) වෙත බදු දීමට නියමිතය.
කොළඹ 3 කොල්ලුපිටිය පෙරහැර මාවතේ වරිපනම් අංක 135 දරන ඉඩම වසර 99ක බදු පදනම මත ලබාදෙන බව කැබිනට් ප්‍රකාශයේ සඳහන් වේ.
පර්චස් 35.95 ක ඉඩම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් යෝජනා ලබාගෙන තිබේ.
ග්ලෝබල් ලීසිං ලිමිටඩ් වෙත ඉඩම නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය සහ ස්ථාවර සාකච්ඡා කමිටුවේ අනුමැතිය ලබාදී ඇත.
එහි වෙබ් අඩවියේ සඳහන් ආකාරයට, Global Leasing Ltd යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමකි.
ඔවුන්ගේ ප්‍රධාන සේවා වන්නේ කුලී මිලදී ගැනීම්, නිශ්චල දේපල, පාරිභෝගික කල් පවත්නා ණය සහ උකස් කිරීමයි.
ඇපකරුවන් නොමැතිව ඉතා වේගවත් ණය ලබාදීමේ සේවාවන්ද Global Leasing Ltd විසින් ලබාදෙන බව එහි සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart