
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමග අත්සන් කිරීමට නියමිත නව ගිවිසුමකට අනුව, දකුණු ග්‍රීන්ලන්තයේ පිහිටි යුද සමයේ පැවති ඇමෙරිකානු යුධ කඳවුරක් නැවත ස්ථාපිත කිරීමටත්, නැගෙනහිර වෙරළ තීරයේ තවත් කඳවුරක් පිහිටුවීමටත් එක්සත් ජනපදය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
මෙලෙස නැවත ආරම්භ කිරීමට නියමිත ස්ථාන වන්නේ 1950 ගණන්වලදී ඇමරිකාව විසින් Bluie West One හමුදා කඳවුර වසා දැමීමෙන් පසු ජනගහනය පහත වැටුණු Narsarsuaq ප්‍රදේශය සහ ඩෙන්මාර්කයේ විශේෂ බලකායේ Sirius Dog Sled මුර සංචාරක ඒකකය භාවිතා කරන මෙස්ටර්ස්විග් හමුදා කඳවුර බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර මෙම නව ගිවිසුම නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී අත්සන් කිරීමට නියමිතව තිබේ.
මෙම ගිවිසුමේ අන්තර්ගතය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර, අත්සන් තබන තෙක් එහි අවසාන තොරතුරු තහවුරු නොවන බව ද සඳහන්.
මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය කළ විමසීම්වලට ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත රජයන්ගෙන් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී නොමැත.
ගිවිසුමේ තොරතුරු පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ධවල මන්දිරයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, අඟහරුවාදා සිදුකරන මෙම අත්සන් තැබීම මගින් ග්‍රීන්ලන්තයේ සහ එක්සත් ජනපදයේ ආරක්ෂාව තහවුරු වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart