
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රතිපත්තියක් වශයෙන් (In principle) එකඟතාවකට පැමිණ ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරියෙක් ඉරිදා ජනමාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කළේය.
‘නිව්යෝර්ක් ටයිම්ස්’ වාර්තා කරන ආකාරයට, මෙම ගිවිසුමට අනුව, දැනට වසාදමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් තමන් සතු ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුතු යුරේනියම් බලගැන්වීම් ඉවත් කිරීමට ඉරානය එකඟ වී තිබේ.
කෙසේවෙතත්, මෙවැනි ගිවිසුමක අන්තර්ගතය හෝ සාකච්ඡා වෙමින් පවතින කරුණු පිළිබඳව ඉරාන නායකයන් හෝ එරට රාජ්‍ය මාධ්‍ය මෙතෙක් ප්‍රසිද්ධියේ කිසිදු අදහස් දැක්වීමක් සිදුකර නොමැත.
පසුගිය පැය 24 පුරා ඉරාන සහ ඇමරිකානු නිලධාරීන් මෙම ගිවිසුමට ඇතුළත් විය හැකි කරුණු සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් පළ කර තිබිණි.
අදාළ ඇමරිකානු නිලධාරියා ඉරිදා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ගිවිසුමට මෙතෙක් නිල වශයෙන් අත්සන් තබා නොමැති බවයි.
ඒ සඳහා ජනාධිපති ට්‍රම්ප් සහ ඉරානයේ උත්තරීතර නායකයාගේ අවසන් අනුමැතිය හිමිවිය යුතු අතර, ඒ සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart