
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රධාන ආයෝජන ව්‍යාපාරයක් තුළ, තීරුබදු සමඟ ඩොලර් මිලියන 50 (රුපියල් බිලියන 16) ඉක්මවන ආයෝජන ව්‍යාපෘති ගෙන එන දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා වසර දෙකක බදු සහන සහ තීරු බදු රහිතව වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබාදීම කෙරෙහි රජය සළකා බලමින් සිටින බව වාර්තා වේ.
මෙම යෝජනාව දැනට සාකච්ඡා කෙරෙන 2024 අයවැයේ කොටසක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එවැනි ආයෝජන ගෙන එන දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට ඔවුන් කැමති තීරුබදු රහිත වාහන ආනයනය කිරීමට හිමිකම් ඇති බව මහා භාණ්ඩාගාරය විසින්ද තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, එක් ආයෝජන ව්‍යාපෘතියක් සඳහා තීරුබදු රහිත එක් වාහනයකට පමණක් අවසර ලබාදෙන බව පැවැසේ.
තවත් අයවැය 2024 යෝජනාවක් මගින් ශ්‍රී ලංකාව වෙත තොරතුරු තාක්ෂණ සමාගම් 100ක් ආකර්ෂණය කරගැනීම අරමුණු කර ඇත.
එම සමාගම් වෙතද මෙම සහනය ලබාදීමට රජය අපේක්ෂා කරන බව වාර්තා සඳහන් කරයි.
2024 අයවැය හරහා නව ආයෝජන මණ්ඩල (BoI) කලාප පිහිටුවීමට ද රජය අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart