
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ කාම්බෝජයේ අගමැති හුන් සෙන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණවලදී කටයුතු සඳහා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී බලය අයුතු ලෙස භාවිත කිරීම සහ ප්‍රසිද්ධ ජනමාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොල්සොනාරෝ වැරදිකරු බව තීරණය කළ අතර, ඔහු පරාජයට පත්වීමෙන් පසුව ඉදිරි වසර අට සඳහා නැවත මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කර ඇත.
68 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා, දැඩි දක්ෂිණාංශික දේශපාලනඥයෙක්වන අතර, ඔහුගේ දේශපාලන ජීවිතය මෙයින් අවසන් විය හැකි යැයි මත පළවී තිබේ.
මේ අතර, මැතිවරණයකට පෙර ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටින බව කියන වීඩියෝවක් පළකිරීම හේතුවෙන් කාම්බෝජයේ හුන් සෙන්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට මාස හයක තහනමක් මෙටා අධීක්ෂණ මණ්ඩලය නිර්දේශ කර ඇත.
සමාජ මාධ්‍ය දැඩි ලෙස භාවිත කරන්නෙක්වන අගමැතිවරයා, මේ වනවිට කාම්බෝජයේ ෆේස්බුක් තහනම් කරන බවට තර්ජනය කර තිබේ.
ඔහු 1985 සිට කාම්බෝජය පාලනය කරයි.
“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් ඔබ කියන්නේ නම්, ඔබ සිටින ස්ථානයට මිනිසුන් යවා මමත් මගේ නිදහස ප්‍රකාශ කරමි” යනුවෙන් ඔහු සිය වීඩියෝවේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart