
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, කොළඹ සිට මත්තල දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවෙන්ම ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් ඊයේ (ජනවාරි 03) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ඇතුළු 06 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
57 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 32 හැවිරිදි දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart