
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිරිමි නිවුන් දරුවන්ට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
මෙලෙස චීවරධාරියකු අතින් අපයෝජනය වී ඇතැයි වාර්තා වන්නේ වයස අවුරුදු 13ක පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකි.
චෝදනාවට ලක්වූ චීවරධාරියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කරන බවද වාර්තා වෙයි.
අපයෝජනයට ලක්වූ බව කියන කුඩා දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු මීට දින කිහිපයකට පෙර අසනීප වී ඇති අතර ඊට ප්‍රතිකාර කිරීම සඳහා එම මව්පියන් දරුවා මෙම භික්ෂුව හමුවට රැගෙන ගොස් තිබේ.
දරුවා දින කිහිපයක් එහි රඳවාගෙන පූජාවක් පැවැත්විය යුතු යැයි සැකකාර චීවරධාරියා එහිදී මව්පියන්ට පවසා ඇති අතර ඒ අනුව ඔවුන් සිය දරුවා එහි රඳවා ගොස් ඇති බව පොලීසිය පවසයි.
පසුව නිවුන් දරුවන්ගෙන් අනෙක් දරුවා සිය සොයුරා නොමැතිව අසනීප වී ඇති අතර සැකකරු මෝටර් රථයකින් නිවසට පැමිණ එම දරුවාද රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ.
එහිදී සැකකාර චීවරධාරියා දරුවන් දෙදෙනාම අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇත.
ඒ අනුව මේ පිළිබඳ කළ පැමිණිල්ලට අනුව සැකකරුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
නිවුන් දරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart