
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වී තිබේ.
එම අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව, පසුගිය මැයි 09 වැනිදා කාරතිවු වෙට්ටුවයික්කල් පාලම අසලදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා මෙම මෙහෙයුම සිදුකර ඇත.
එහිදී කාරතිවු දෙස සිට අක්කරපත්තුව දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂාවට ලක් කර තිබේ.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, ජාවාරමට යොදාගත් ජංගම දුරකථනයක් සහ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරු පුත්තලම, උඩප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක්වන පුද්ගලයකු වන අතර ඔහු කාරතිවු ප්‍රදේශයේ තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇත.
අත්අඩංගුවට ගත් පළමු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, ඔහු පදිංචිව සිටි කාරතිවු ප්‍රදේශයේ කුලී නිවසක් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී එහි රැඳී සිටි කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.
එම ස්ථානයෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 100ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 250ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 80,000ක මුදලක්, මත්ද්‍රව්‍ය කිරුම් සඳහා යොදාගත් කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ පිළිබඳ ඉදිරි විමර්ශන කාර්තිව් පොලිසිය හා අම්පාර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් සිදුකෙරේ .
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart