
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී සංසරණය වූ වීඩියෝවක දැක්වෙන බළලකුට වධ හිංසා කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා සත්ව සුභසාධන සන්ධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව තලාතුඔය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පැමිණිල්ල ලැබීමෙන් නොබෝ වේලාවකට පසු, අතුල්ගම ප්‍රදේශයේදී වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාම එම ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන්ට අනුව, මෙම සිදුවීම සිදුවී ඇත්තේ මීට මාසයකට පමණ පෙරය.
සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තිය, පොලිස් ආඥාපනතේ 63(අ) වගන්තිය සහ සත්ව හිංසනයට එරෙහි නීති යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
තලාතුඔය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart