
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් තමාගේ පන්තියේ සිසුවියන් සිව්දෙනෙකුගේ ඡායාරූප විකෘති කර ඒවා පාසල් වට්ස්ඇප් සමූහ හරහා හුවමාරු කළ බව කියන පාසල් සිසුන් දෙදෙනකු ජුනි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මෙම නියෝගය නිකුත් කර ඇති අතර සැකකරුවන් බන්ධනාගාර බලධාරීන් විසින් පාලනය කරනු ලබන බාලවයස්කාර රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙම සිදුවීම අනාවරණ වී ඇත්තේ, සිද්ධියට මුහුණ පෑ දැරියකගේ පියා සැකකාර සිසුන් විසින් විකෘති කර සකස් කෙරූ ඡායාරූප දැක ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුවයි.
අනතුරුව සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකාර සිසුන් එළඹෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත දෙදෙනකු බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart