
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් සොයා මුන්දලම සිංහල මහා විද්‍යාලයේත් ප්‍රාථමික විද්‍යාලයේත් කාර්යාල කාමරවලට හොර රහසේ ඇතුළු වී එහි දේපොළවලට හානි කර පරිගණක ඇතුළු රුපියල් ලක්ෂ 08කට අධික දේපොළ සොරාගත් පාසල් සිසුන් දෙදෙනෙක් මුන්දලම පොලිසියේ නිලධාරීහු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම හා පෙරක්කුවට්ටාන ප්‍රදේශවල පදිංචි සිංහල මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි.
මෙම සිසුන්ගෙන් ප්‍රශ්න කර හෙළි වූ තොරතුරු මත විද්‍යාල දෙක බිඳ සොරාගත් භාණ්ඩවලින් කොටසක් ද සොයාගෙන තිබේ.
සිසුන් දෙදෙනා විසින් මෙම වසරේ මුල් වකවානුවේ එක් අවස්ථාවක තමන් අධ්‍යාපනය හදාරන පාසලේ හා මුන්දලම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළු වී එහි තිබූ උපකරණ රැසක් විනාශ කර මුදල් සොයා ඇති බවත් එවර රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් සොරාගෙන ගොස් තිබූ බවක් පොලිසිය කියයි.
ඊට පසු නැවතත් අවස්ථා දෙකකදී මෙම පාසල් දෙකකට ඇතුළු වී මුදල් සොයා ඇති බවත් මුදල් නැති වූ විට පාසලේ වටිනා භාණ්ඩ හා උපකරණ සොරාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
අවස්ථා තුනකදී පාසල්වලට හානි කරමින් සොරකම් සිදු කිරීම සිදුව තිබියදී පොලිසිය නිසි ක්‍රියාත්මක වීමක් නැති බවට පාසල් බලධාරීන්ගෙන් හා පාසල් මවුපියන්ගෙන් පොලිසියට දැඩි චෝදනා පවා අවස්ථා ගණනාවකදීම එල්ල වී තිබිණි.
පාසලේ ගුරුවරයකු සමඟ තිබූ අමනාපකම් හේතුවෙන් මෙම සොරකමට තමා සම්බන්ධ වූ බව එක් සිසුවකු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.
මෙම සිසු සැකකරුවන් නින්ජා ඇඳුමින් සැරසී ඉදිරියේදී වෙළෙඳසල් හා නිවාස කොල්ලකෑම සඳහා සූදානමින් සිට ඇති බව ද අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකු සොරාගත් මුදල් හා උපකරණවලින් කොටසක් අලෙවි කර පාසලේ සිසුවියකට ජංගම දුරකතනයක් මිල දී ගෙන ලබා දී ඇති බවද අනාවරණය වී ඇත.
මෙම සැකකාර සිසුන් දෙදෙනා ඊයේ (26) පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart