
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසියට භාර වී තිබේ.
ශ්‍රී ලාංකික යුවළකට අයත් සෙන්තුල් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ තිබී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනකුගේ සිරුරු ක්වාලාලාම්පූර් පොලීසිය විසින් පසුගිය සිකුරාදා(22) සොයා ගැනිණි.
මළ සිරුරු සොයාගන්නා අවස්ථාවේ දී එම මළ සිරුරු එකිනෙක ගොඩගසා තිබූ බවත් එම මළ සිරුරුවල අත් පිටුපසට බැඳ මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබූ බවත් වාර්තා වෙයි.
මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ප්ලාස්ටික් බෑග් භාවිත කර හුස්ම හිරකර මරාදමන්නට ඇතැයි විශ්වාස කෙරේ.
සෙන්තුල් පොලිසියේ ප්‍රධාන සහකාර කොමසාරිස් අහමඩ් සුකර්නෝ මොහොමඩ් සහාරි පවසා ඇත්තේ ඝාතන පිටුපස ඇති චේතනාව පිළිබඳව පොලිසිය තවමත් තහවුරු කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බව සුකර්නෝ පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart