
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන් ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ෆේස්බුක් හි සටහනක් තබමින් තානාපති නිමල් බණ්ඩාරපැවසුවේ සෙනසුරාදා ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේදී මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක් උරහිසට තුවාල ලබා ඇති බවයි.
“තුවාල ලැබූ කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබා ඇති අතර පසුව ශ්‍රී ලාංකික හෙදියකගේ රැකවරණය යටතේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යවා ඇත” ඔහු පැවැසීය.
ඉරිදා බෙනී බ්රැක් ප්‍රදේශයට ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික ඉදිකිරීම් සේවකයකුගේ කකුලට තුවාල සිදුවී ඇති බව තානාපති නිමල් බණ්ඩාර තවදුරටත් සඳහන් කරයි.
“ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවතී,” ඔහු පවසයි.
බිම් මට්ටමේ තත්ත්වය පිළිබඳ වැඩිදුර විස්තර ලබාදෙමින් තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ හදිසි සංචාරක අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන්ට ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපළ හෝ ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපළ හරහා ගොඩබිම් මාර්ගයෙන් ඊශ්‍රායලයට ඇතුළු වීමට සහ පිටවීමට අවසර ලැබෙන බවයි.
ටෙල් අවිව් හි බෙන් ගුරියන් ගුවන්තොටුපොළ අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා වසාදැමීම හේතුවෙන් දැනට ඊශ්‍රායලයට ඇතුළු වීමට නොහැකි පුද්ගලයන්ට ජෝර්දානය සහ ඊජිප්තුව හරහා ගමන් කටයුතු සංවිධානය කළ හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සා’ආර් නිවේදනය කර ඇති බව ඔහු පෙන්වාදෙයි.
“ඊශ්‍රායලයේ තානාපතිවරුන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදී, බෙන් ගුරියන් ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් තහවුරු කළ නොහැකි බව අමාත්‍ය සා’ආර් ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, හදිසි සංචාරක අවශ්‍යතා ඇති අයට ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපළ හෝ ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපළ හරහා ගොඩබිම් මගින් ඊශ්‍රායලයට ඇතුළු වී පිටවිය හැකි බව ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart