
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර් රාජ්‍ය සහ දේශසීමා හරහා සිදු කරන ජාවාරම් ජාලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු ගංජා කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග ඉන්දීය කරෙයිකාල් දිස්ත්‍රික් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ද හින්දු පුවත්පතට අනුව, කරෙයිකාල් දිස්ත්‍රික්කය මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කිරීම අරමුණු කරගත් ‘විදියල් මෙහෙයුම’ යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
බුද්ධි කාර්යාංශයේ තොරතුරු මත ක්‍රියා කරමින් මන්නාරගුඩි හි 38 හැවිරිදි දිලීප් සහ නල්ලතූර් හි 44 හැවිරිදි කුමාරවේල් අත්අඩංගුවට ගෙන, ඔවුන්ගේ රථයෙන් ගංජා කිලෝග්‍රෑම් 26ක් සොයා ගත් බව කරෙයිකාල් පොලිසියේ ප්‍රකාශයක සඳහන් විය.
පසුව කළ සෝදිසි කිරීම්වලදී අම්බූර් හි 37 හැවිරිදි කිෂෝර් කුමාර් හරහා ලැබුණු වාර්තා පරිදි කීසකසකුඩි හි නිවසකින් ගංජා කිලෝග්‍රෑම් 304ක් සොයා ගැනීමට හැකි වී තිබේ.
ජූලි 17 වැනි දින ඔහු අත්අඩංගුවට ගත් අතර, ගංජා ප්‍රවාහනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන තවත් වාහන හතරක් අත්අඩංගුවට ගෙන ඇත.
ජූලි 23 වැනි දින, පොලිසිය එමරල්ඩ් වෙරළට ඔබ්බෙන් බෝට්ටුවක් අල්ලාගෙන යාපනයේ සෙල්වකුමාර් (41) සහ ත්‍රිකුණාමලයේ 33 හැවිරිදි හයාත් මොහොමඩ් රාසු යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතු ජංගම දුරකථන තුනක් සහ බෝට්ටුව අත්අඩංගුවට ගන්නා ලදී.
නියෝජ්‍ය පොලිස්පති සත්‍ය සුන්දරම් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.වී.එන්.වී. ලක්ෂ්මි සෞජන්යාගේ සහාය ඇතිව පොලිස් අධිකාරී සුබ්‍රමනියම් විසින් මෙහෙයුම අධීක්ෂණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart