
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉවත් වී තිබේ.
බන්ධනාගාර බලධාරීන්ගේ එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද සලකා බැලීමට ගත් අවස්ථාවේදී ඒ බව දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ වරදට ලබා දුන් සිරදඬුවමේ ඉතිරි කාලය ක්රියාත්මක කරන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර බලධාරීන්ට නියෝග කිරීමෙන් අනතුරුව ඥානසාර භික්ෂුව බන්ධනාගාරගත කිරීමට අදාළව මෙම පෙත්සම් ගොනු කර ඇත.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් 2019 මැයි මාසයේදී ඥානසාර භික්ෂුවට ලබා දුන් ජනාධිපති සමාව බලරහිත කරමින් ශ්රේෂ්ඨාධිකරණය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී තීන්දුවක් ලබා දුන්නේය.
එම තීන්දුවෙන් පසුව එම සිරදඬුවමේ ඉතිරි කාලය ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී.
අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර භික්ෂුවට පළමුව වසර හයක සිරදඬුවමක් නියම වී තිබූ අතර, 2019 වසරේ ජනාධිපති සමාව හිමිවීමට පෙර එම භික්ෂුව ගෙවා තිබුණේ මාස නවයක පමණ සිරදඬුවම් කාලයක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart