
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය රුපියල් මිලියන 4ක් පමණ වටිනා අගාවුඩ් ලෙස හඳුන්වන ඉහළ වටිනාකමකින් යුතු දැව සහ ඒ ආශ්‍රිතව නිපද වූ තෙල් තොගයක් සමග ශ්‍රී ලාංකික මගීන් දෙදෙනෙකු චෙන්නායි ගුවන් තොටුපළේ රේගු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අඟහරුවාදා දින රාත්‍රියේ කොළඹ සිට චෙන්නායි නුවරට පැමිණි මගීන් පරීක්‍ෂා කරමින් සිටියදී සැකපිට මෙම ශ්‍රී ලාංකික මගීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සංචාරක වීසා මත චෙන්නායි වෙත පැමිණ ඇති මොවුන් දෙදෙනා කෙරෙන් කලබලයක් දිස් වී ඇති අතර කළ ප්‍රශ්න කිරීම්වලදී ලබා දී ඇත්තේ වංක පිළිතුරු බව ද වාර්තා වේ.
රේගු නිලධාරීන් ඔවුන්ගේ ගමන් මළු සෝදිසි කිරීමේදී ඒවායේ තිබී අගාවුඩ් කිලෝග්‍රෑම් 20ක් සහ අගාර් තෙල් බෝතල් 15ක් සොයාගෙන තිබේ.
නිසි ලියකියවිලි නොමැතිව අගාවුඩ් රැගෙන යෑම නීතිවිරෝධී බැවින් රේගු නිලධාරීන් විසින් මෙම නීති විරෝධී භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දැව සහ තෙල් තොගයේ මුළු වටිනාකම ඉන්දීය රුපියල් මිලියන 4ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
විශේෂයෙන් යුරෝපීය රටවල උසස් තත්ත්වයේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා අගාවුඩ් යොදා ගන්නා අතර එම දැව සහ තෙල් ඉතා ඉහළ අගයක් ගනී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart