
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකිරීමට පැමිණි, මේ වනවිට සේවයේ නියුතු හමුදා සෙබළකු සහ හිටපු හමුදා සෙබළකු පිස්තෝලයක් සහ මිලිමීටර් 10 පතොරම් 10ක් සමඟ ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ජංගම දුරකථන තුනක්, ව්‍යාජ අංක තහඩු දෙකක් සහ යතුරුපැදිය ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 සහ 31 වයස්වල පසුවන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඇල්පිටිය මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇල්පිටිය සමගි මාවතට පැමිණ කිසියම් අයෙක් ඝාතනය කිරීමේ අරමුණින් බව අනාවරණය වී ඇත.
මෙම සෙබළුන් වෙනත් ස්ථානයකදී මේ ආකාරයෙන්ම මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කර ඇති නමුත්, එය අසාර්ථක වී ඇතැයි වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ.
විදෙස්ගතව සිටින පාතාල කල්ලියක් විසින් මෙම වෙඩි තැබීම සැලසුම් කර ඇති බව අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart