
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද(28) ආරම්භ වු අළුබඳුන දෙවන ටෙස්ට් තරගයට ‘ජස්ට් ස්ටොප් ඔයිල්’ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකුගෙන් බාධා එල්ලවිය.
තරගය ආරම්භ වි දෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක වන අවස්ථාවෙිදි මෙම විරෝධතාකරුවන් දෙදෙනා ‘ජස්ට් ස්ටෝප්’ ටී ෂර්ට් පැළද පිටිය මැදට පැමිණියහ.
ඔවුන් දෙදෙනා දුඹුරු පාට තීන්ත අතැතිව ලෝඩිස් පිටියට කඩාපැමිණි අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටි ඔස්ට්‍රේලියාවේ ඩෙව්ඩ් වෝනර් සහ එංගලන්ත නායක බෙන් ස්ටොක් ඉන් එක් විරෝධතාකරුවකු වළක්වාලීමට සමත් වූහ.
අනෙක් විරෝධතාකරු එංගලත්ත කණ්ඩායමේ ජොනි බෙයාර්ස්ටෝ විසින් අත්දෙකින් ඔසවා ගත්තේ තණතීරුවට තීන්ත ඉහිරීම වළක්වාලීමටය. අනතුරුව විරෝධතාකරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් රැගෙන යන ලදී.
බෙයාර්ස්ටෝ විරෝධතාකරු ඔසවා ගැනීමේදි යම් තීන්ත වැහැරීමක් ඔහුගේ ඇදුම් වල තැවරීම නිසා ක්‍රීඩාගාරයට ගොස් නැවත පිටියට ඒමට ඔහුට සිදුවිය.
ජස්ට් ස්ටොප් ඔයිල් ක්‍රියාකාරී කණ්ඩායම් විරෝධතාකරුවන් දෙදෙනාගේ කඩාපැනීම හේතුවෙන් තරගය මිනිත්තු 06ක් පමණ නතර කිරීමටද සිදුවිය.
තණතීරුවට නොපැමිණි තුන්වව විරෝධාකරුවකුද ලෝඩිස් ක්‍රිඩාංගණයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart