
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත මාතලේ – මාඩිපොල ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
යටවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අල්ලස් කොමිසමට අනුව කල් ඉකුත් වූ වාහන බලපත්‍රයක් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීමට මෙම සැරයන්වරුන් දෙදෙනා පුද්ගලයෙකුගෙන් රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා ඇති අතර පසුව අල්ලස් මුදල රුපියල් 50,000 දක්වා අඩුකර ඇත.
ඉන් රුපියල් 10,000ක් ලබාගනිමින් සිටියදීයි මෙලෙස මෙම සැරයන්වරුන් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart