
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වන අලි ප්‍රහාරවලින් කල්මුණේ සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 සහ 68 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
කල්මුණ බස් නැවතුම්පොළ අසලදී වන අලි ප්‍රහාරයකට ලක්ව එලෙස මියගොස් ඇත්තේ තිරිවල්ලුවාර් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
අනෙක් පුද්ගලයා කැබිතිගොල්ලෑව, කංචුට්ටුව සුසාන භූමියේදී ඊයේ සවස වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.
මරණ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart