
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිලිනොච්චියේ පූනරීන් පොලිසිය විසින් රුපියල් කෝටි 20කට වඩා වැඩි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 13ක් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සංගුපිටිය පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පූනරීන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත පොලිස් ස්ථානාධිපති අසේල ගුණතිලක ඇතුළු නිලධාරීන් එම ස්ථානයට යන විට යතුරුපැදි දෙකක එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන සැකකරුවන් හතරදෙනකු යාපනය දෙසට ගමන් කරමින් සිට ඇත.
යතුරුපැදි නවතන ලෙස සංඥා කළ අවස්ථාවේ දී ඒවා මාර්ගයේ අයින් කොට නවතා මත්ද්‍රව්‍ය යතුරුපැදිවලින් ඉවතට විසි කොට සැකකරුවන් හතරදෙනා යතුරුපැදි දෙකෙන් පළාගොස් තිබේ.
සැකකරුවන් නොමැතිව සොයාගත් මත්ද්‍රව්‍ය කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පූනරීන් පොලිසිය පියවර ගෙන ඇත.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකවර හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart