
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාදුරුඔය ජාතික උද්‍යානය තුළ සිටින වන අලින්ට ආහාර ලබාදුන් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 40,000 බැගින් රුපියල් 80,000ක දඩයක් නියම කිරීමට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ පුද්ගලයන් දෙදෙනා වරදකරුවන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදුන් බවයි.
පසුගිය අප්‍රේල් මාසයේදී පුද්ගලයන් කිහිපදෙනකු එක්ව විනෝදය සඳහා කුඩා අලි පැටවුන් දෙදෙනෙකු ඇතුළු වන අලින් කිහිපදෙනෙකුට විවිධ ආහාර ද්‍රව්‍ය ලබාදීමේ සිදුවීමක් වාර්තා විය.
ඒ පිළිබඳව හේනානිගල උද්‍යාන පිවිසුම් කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත පදනම්ව, වනජීවී නිලධාරීන් විසින් 2026 අප්‍රේල් 24 වනදා පුද්ගලයන් පස්දෙනකුට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මෙම නඩුව පසුගිය බ්‍රහස්පතින්දා (18) කැඳවූ අවස්ථාවේදී, චෝදනා ලැබූවන්ගෙන් දෙදෙනකු වරදකරුවන් බව තීරණය කළ අධිකරණය ඔවුන්ට මෙලෙස රුපියල් 80,000ක මුළු දඩ මුදලක් නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart