
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිල්ලි ගුවන් තොටුපළේදී ස්පයිස් ජෙට් ගුවන් යානයක් ගුවන් තොටුපළ ධාවන පථයේ ධාවනය වෙමින් තිබියදී බලහත්කාරයෙන් නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ කළ මගීන් දෙදෙනෙකු ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මුම්බායි වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය නැවත පැමිණ මගීන් දෙදෙනා ඉවත් කර පසුව ආරක්ෂක අංශ වෙත භාර දුන් බව ස්පයිස් ජෙට් පැවසීය.
“2025 ජූලි 14 වැනි දින, දිල්ලියේ සිට මුම්බායි දක්වා ක්රියාත්මක වන SG 9282 ස්පයිස් ජෙට් ගුවන් යානයෙන් නොහික්මුණු මගීන් දෙදෙනෙකු ඉවත් කරන ලදී. ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන් නියමු කුටියට ළඟා වීමට උත්සාහ කළ අතර ගුවන් යානය ධාවනයේදී බාධා කර තිබේ,” යනුවෙන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ස්පයිස් ජෙට් සමාගමට අනුව, කැබින් කාර්ය මණ්ඩලය, සෙසු මගීන් සහ කපිතාන්වරයා නැවත නැවතත් ඉල්ලීම් කළද, මගීන් දෙදෙනා ඔවුන්ගේ ආසනවලට ආපසු යෑම ප්රතික්ෂේප කර තිබේ.
Flightradar24.com ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියේ ඇති තොරතුරුවලට අනුව, මුලින් දහවල් 12:30ට පිටත් වීමට නියමිතව තිබූ SG 9282 ගුවන් යානය පිටත්ව තිබුණේ ප.ව. 7:21ටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart