
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථාන නාවික නෞකා TAIMUR සහ ASLAT දෙදින සුහද සංචාරයකින් පසු දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ මෙම සංචාරයේ දී බටහිර නාවික විධාන මූලස්ථානයේ පැවති විධිමත් හමුවකික් ද සනිටුහන් කළ බවයි.
මෙම සැසිය අතරතුර, පාකිස්ථාන නාවික නෞකා TAIMUR හි අණදෙන නිලධාරී කපිතාන් නියාමත් සයීඩ් ඛාන් සහ පාකිස්ථාන නාවික නෞකා ASLAT හි අණදෙන නිලධාරී කපිතාන් නදීර් මටීන් අෆ්රිඩි, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සමඟ සුහද සාකච්ඡා පැවැත්වූහ.
මෙම සංචාරයේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව පවත්වන ලද ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක් වන LION STAR V සඳහා නෞකා දෙක සහභාගී වීමයි.
මෙවැනි ඒකාබද්ධ අභ්‍යාස මගින් දැනුම, කුසලතා සහ මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කර ගැනීමට, කලාපීය සගයන් සමඟ සහයෝගීතාවය සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට, ඉන්දියානු සාගර කලාපය තුළ පොදු සමුද්‍රීය අභියෝගවලට සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට වැදගත් අවස්ථාවක් ලබා දෙන බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart