
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථිකය සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට මග පෙන්වීම සඳහා උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා කියා සිටියේ වැටුප් ගෙවීමක් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව මෙම පත්වීම් ගෞරවනීය තනතුරු ලෙස පවතිනු ඇති බවයි.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු ජනාධිපති උපදේශකවරුන් දෙදෙනා ලෙස පත් කර ඇති බව ඇමැති හේරත් නිවේදනය කළේය.
ඇමැති මණ්ඩලයේ අදහස් විමසා තම කාර්ය මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම පත්කිරීම් සිදුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව දුමින්ද හුලංගමුව සහ ආචාර්ය අනිල් ප්‍රනාන්දු ආර්ථික කටයුතු සහ මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ ගෞරවනීය පත්වීම් දෙක 2024 සැප්තැම්බර් 24 සිට බලපැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart