
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නගරයේ සැරිසරන අයාලේ යන පෝනියන් සඳහා අයිතිකරුවන් දඩ නොගෙවන්නේ නම් වෙන්දේසි කිරීමට නුවරඑළිය මහ නගර සභාව තීරණය කර ඇති බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර පවසයි.
විශේෂයෙන්ම නුවරඑළිය තුරඟ පිටිය අවට සිටින බොහෝ පෝනියන් දෙස් විදෙස් සංචාරකයින්ට සවාරි ලබාදීම සඳහා හිමිකරුවන් විසින් යොදා ගන්නා බව නගරාධිපතිවරයා පැවසීය.
කෙසේ වෙතත්, සතුන්ගෙන් ආදායම් උපදවා ගත්ත ද ඔවුන් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදක්වන අතර බොහෝ විට හිමිකරුවන් අවධානයක් නොදක්වන බැවින් එම සතුන් ඉබාගාතේ යන බව ඔහු සඳහන් කළේය.
එම පෝනියන් නිදහසේ නගරයේ සැරිසරන බවත්, ආපන ශාලා සහ සංචාරකයින්ගෙන් ඉතිරි වන ආහාර අනුභව කරන අතර, තුරඟ තරඟ පිටියේ සහ නාගරික ක්රීඩාංගණවල සිටින බවත්, ඇතැම් සතුන්ට විවිධ රෝගී තත්වයන් තිබුණද කිසිදු ප්රතිකාරයක් ලබා දී නොමැති බවත් නගරාධිපතිවරයා චෝදනා කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ඇතැම් පෝනියන් සංචාරකයින්ව සපා කෑම ගැන පවා වාර්තා වී ඇති බවයි.
සතුන්ව නියමිත ස්ථානවල රඳවා තබන ලෙස හිමිකරුවන්ට නැවත නැවතත් උපදෙස් ලබාදී තිබුණද ඊට එතරම් ප්රතිචාරයක් නොමැති බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එබැවින් නගරයේ සැරිසරන පෝනියන් අල්ලා ඔවුන්ව නගර සභාවට අයත් භූමියක රඳවා තබන ලෙස නගර සභා සේවකයින්ට උපදෙස් දී ඇති අතර අයාලේ යන සතුන්ගෙන් සිදුවන කරදර පිළිබඳව සංචාරකයින් සහ නුවරඑළිය පොලිසියට පැමිණිලි රාශියක් ලැබීමෙන් පසු මෙම පියවර ගෙන ඇති බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart