
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පූජා භූමි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සත්යග්රහයෙන් සහ විරෝධතාවයෙන් වහාම ඉවත් වන ලෙස බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9 වන පරිච්ඡේදයේ 106(1) වගන්තිය ප්‍රකාරව, හදිසි අවස්ථාවකදී මහජන පීඩාවක් වැළැක්වීම සඳහා මෙම තාවකාලික ආඥාව නිකුත් කර ඇති බව වාර්තා වේ.
බලංගොඩ කස්සප භික්ෂුව සහ උදිත නිශාන්ත යන අය සමඟ එහි රැඳී සිටින සියලුම භික්ෂූන් සහ පිරිස් එම ප්‍රදේශයේ ඉදිකර ඇති තාවකාලික කුඩාරම් ඉවත් කරගනිමින්, අදාළ දිනයේ පස්වරු 2.00 ට පෙර පූජා භූමියෙන් ඉවත් වන ලෙස එමඟින් දැනුම් දී තිබේ.
රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ට දැඩි අවහිරතා සහ බාධා වන අයුරින් අදාළ පිරිස දිගින් දිගටම විරෝධතාවක නිරත වන බවත්, අධිකරණ නියෝග ලබාදී තිබියදීත් සාමකාමීව ඉවත් වීමට අදිමදි කරන බවත් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.
මෙම අධිකරණ නියෝගයට අනුව, අදාළ පූජා භූමි ප්‍රදේශවල පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු අයුරකින් හානියක් හෝ අලාභයක් සිදුනොකළ යුතු අතර, ඉදිකර ඇති සියලුම තාවකාලික නවාතැන් හා කුඩාරම් වහාම ඉවත්කිරීමට පියවර ගත යුතුය.
අධිකරණය විසින් වෙනත් විධානයක් නිකුත් කරන තෙක්, මෙම නියෝගය අද දින සිට දින 14 ක කාලයක් පුරා බලාත්මක වන බව මහෙස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart