
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ දැනට ජීවත්වන සුදුසුකම් ලත් තාවකාලික පදිංචිකරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට 2027 වසර අවසන් වීමට පෙර ස්ථිර පදිංචිය ලබාදීමේ විශේෂ වැඩසටහනක් කැනඩා රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එරට පවතින උග්‍ර ශ්‍රම හිඟයට විසඳුම් ලෙස පළපුරුදු සේවකයින් කැනඩාව තුළම රඳවා ගැනීම සහ දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රමාද වී ඇති අයදුම්පත් ගොඩගැසීමේ ගැටලුව නිරාකරණය කරගැනීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. කැනඩාවේ 2026 ෆෙඩරල් අයවැය සහ 2027-2029 ආගමන විගමන මට්ටම් පිළිබඳ සැලැස්ම මගින් පෙන්වා දී ඇති මෙම ක්‍රමවේදය ඔස්සේ තාවකාලික වීසා මත සිටින විශාල පිරිසකට ස්ථිර පදිංචි තත්ත්වය හිමි කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් සැලසේ.
කැනඩා ආගමන, සරණාගත සහ ප්රජාපතිත්ව දෙපාර්තමේන්තුවට (IRCC) අනුව මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් සේවක කාණ්ඩය සහ මානුෂීය අයදුම්කරුවන්ගේ කාණ්ඩය ලෙස කොටස් දෙකකින් ක්‍රියාත්මක වේ.
එයින් සේවක කාණ්ඩය යටතේ දැනට කැනඩාවේ ජීවත්වන ලක්ෂයකට ආසන්න පිරිසකට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂිත ආගමන ක්‍රමවේදයන් හරහා ස්ථිර පදිංචිය සඳහා සලකා බලනු ඇත. ප්‍රාදේශීය රැකියා වෙළළෙඳපොළේ පවතින පුරප්පාඩු සඳහා දායක විය හැකි සුදුසුකම් ලත් සේවකයින් හඳුනා ගැනීමට රජය ප්‍රාන්ත පාලන අධිකාරීන් සමඟ එක්ව කටයුතු කරනු ඇති අතර, ප්‍රාන්ත නාමෝජිත වැඩසටහන (PNP) යටතේ සුදුසුකම් ලබන අයද ඊට ඇතුළත් වේ.
ඊට අමතරව අත්ලාන්තික් ආගමන වැඩසටහන, ආරම්භක වීසා වැඩසටහන, කෘෂිකාර්මික හා ආහාර නියමු වැඩසටහන මෙන්ම ගෘහස්ථ රෝගී සහ මහලු සත්කාරක සේවක ක්‍රමවේද ඇතුළු ෆෙඩරල් ආගමන වැඩසටහන් හරහා දැනටමත් අයදුම් කර ඇති පිරිස් සඳහා ද මෙයින් මුල් තැනක් හිමිවීමට නියමිතය.
ඉතිරි ලක්ෂයක කෝටාව වෙන්කර ඇත්තේ වසර ගණනාවක් තිස්සේ ස්ථිර පදිංචිය පිළිබඳ අවසාන තීරණයක් ලැබෙන තෙක් බලා සිටින මානුෂීය සහ පවුල් නැවත එක්කිරීමේ අයදුම්කරුවන් උදෙසාය. මානුෂීය සහ අනුකම්පා සහගත පදනම යටතේ සුදුසුකම් ලබන අයදුම්කරුවන්, යුක්රේන සහ හොංකොං ආගමන විශේෂ ක්‍රමවේදයන් යටතේ සිටින පුද්ගලයින් සහ පවුල් එක්කිරීමේ කාණ්ඩ යටතේ සිටින අය මීට ඇතුළත් කරගෙන තිබේ.
දැනටමත් කැනඩාවේ විවිධ ප්‍රජාවන් තුළ පදිංචි වී එරට ආර්ථිකයට දායක වන පිරිස් තවදුරටත් රඳවා ගැනීම රජයේ අපේක්ෂාව වුවද, මෙම ප්‍රකාශය මගින් කැනඩාවේ සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන්ට ස්වයංක්‍රීයව ස්ථිර පදිංචිය හිමි නොවන බවත්, අයදුම්කරුවන් අදාළ ආගමන වැඩසටහන්වල නියමිත සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවත් බලධාරීහු අවධාරණය කරති.
මේ අතර 2027 සිට 2029 දක්වා කාලය තුළ සෑම වසරකම ස්ථිර පදිංචිකරුවන් 380,000ක් සහ තාවකාලික පදිංචිකරුවන් 370,000ක් ඇතුළත් කරගැනීමේ සාමාන්‍ය වාර්ෂික ඉලක්කයට අමතරව මෙම නව සහනය ක්‍රියාත්මක වන අතර, වසර හතරක කාලයක් පුරා පැතිර යන මෙම විශේෂ වැඩසටහන වෙනුවෙන් කැනේඩියානු ඩොලර් මිලියන 302.3ක මුදලක් වෙන් කිරීමට ද කැනඩා රජය යෝජනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart