
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ට්‍රම්ප් ඉන්දියාවට පැනවූ ඉහළ තීරු බදු සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රභල පණිවිඩයක් යොමු කර තිබේ.
ඒ අනුව මෝදි පවසන්නේ ඉන්දියාව කිසි විටෙකත් තම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ අවශ්‍යතා සමඟ සම්මුතියකට නොයන බවයි.
එහිදී ඉහළ බදු ගෙවීමට සිදුවන බව දන්නා නමුත් ගොවීන් වෙනුවෙන් එය කිරීමට තමා සූදානම් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
දිල්ලියේ පැවති එම්.එස් ස්වාමිනාදන් ශත සංවත්සර ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගොවීන්ගේ අවශ්‍යතා රජයේ ප්‍රමුඛතාවය බවයි.
ඉන්දියාව කිසි විටෙකත් තම ගොවීන්ගේ, පශු සම්පත් හිමියන්ගේ සහ ධීවරයින්ගේ අවශ්‍යතා සමඟ සම්මුතියක් ඇති නොකරනු ඇතැයි ද මෝදි අවධාරණය කළේය.
”ඒ වගේම මේ සඳහා මට පෞද්ගලිකව විශාල මිලක් ගෙවීමට සිදුවන බව මම දනිමි, නමුත් මම සූදානම්. ” යනුවෙන් ද ඔහු පැවසුවේය.
”රටේ ගොවීන්, ධීවරයින් සහ පශු සම්පත් හිමියන් වෙනුවෙන් පෙනී සිටීමට ඉන්දියාව සූදානම්,” බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
රුසියාවෙන් සිදු කරන තෙල් ආනයනයට විරෝධය පා අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට ඉන්දියාවෙන් සිදු කරන ආනයන සඳහා 50% ක තීරු බදු පනවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart