
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන භූමිය සිසිලි දූපත සමඟ සම්බන්ධ කරන ලොව විශාලතම එල්ලෙන පාලම ඉදිකිරීමට ඉතාලිය සූදානම් වන බව වාර්තා වේ.
යුරෝ බිලියන 13.5 ක මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන එය පරිමාණය, භූමිකම්පා තර්ජන, පාරිසරික බලපෑම් සහ මාෆියා මැදිහත්වීමේ පිළිබඳ පවතින මතභේද හේතුවෙන් බොහෝ කාලයක් ප්‍රමාද වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පැවසුවේ මෙම පාලම ගෝලීය වැදගත්කමේ ඉංජිනේරු සංකේතයක් වනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය මගින් වසරකට රැකියා 120,000ක් උත්පාදනය කරනු ඇති බවත්, පාලම ආශ්‍රිතව මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා එමගින් තවත් බිලියන ගණනක ආයෝජන සිදු කරන බැවින්, ආර්ථික වශයෙන් පසුගාමී දකුණු ඉතාලියේ වර්ධනය වේගවත් කරන බවත් එරට මාර්ග අමාත්‍ය මාටියෝ සැල්විනි පැවසුවේය.
ඉතාලියේ විගණන අධිකරණය අත්සන් කිරීමෙන් පසු එහි මූලික කටයුතු සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල අතර ආරම්භ විය හැකි අතර ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේවෙතත් පාලම 2032 සහ 2033 අතර නිම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය සල්විනි පැවසීය.
යෝජිත පාලම කිලෝමීටර් 3.7කට ආසන්න ප්‍රමාණයකින් දිගිබ් යුතු වන අතර එය දැනට දිගම පාලම වන මීටර් 1,277 කින් දිගින් යුත් තුර්කියේ Çanakkale පාලම අභිබවා යනු ඇත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart