August 7, 2024

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු වලට අනුව නව ආයතන දෙකක් ස්ථාපනය කර ඇත.

මෙම නව ආයතන සම්බන්ධයෙන් විෂය භාර ඇමැති කංචන විජේසේකර අද ලංවිම වෘත්තීය සමිති දැනුවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඇමතිවරයා සටහන් කර ඇති X පණිවිඩය පහතින් දැක්වේ.

විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් සඳුදා පැවැත්විණි.

ලංවිම ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය, ප්‍රධාන නව ආයතන සඳහා පත්වීම්, මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තිය, යෝජිත නව වැටුප් ව්‍යුහයන්, කාර්ය සාධනය පදනම් කරගත් දිරිගැන්වීම් පද්ධති සහ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ජාතික පද්ධති ක්‍රියාකරු සහ ජාතික විදුලිබල අංශයේ උපදේශක සභාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පසුගිය සතියේ පිහිටුවන ලදී.