
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගෙන ඇත.
79 හැවිරිදි සහ 85 හැවිරිදි ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනකු මෙලෙස නිදහස් කර ඇති බව විදෙස් ජන මාධ්‍ය වාර්තා කරයි.
ඊජිප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන්, මෙම කාන්තාවන් දෙදෙනා නිදහස් කෙරුණු බව හමාස් සංවිධානය නිවේදනය කර තිබේ.
ඔක්තෝබර් 07 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය පුද්ගලයන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියේය.
ඊශ්‍රායල හමුදාව විසින් ගෙවුණු දින දෙකේ එල්ල කළ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ සිවිල් වැසියන් 500කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.
ඉන් 182ක් දරුවන් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර නතර කරන ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයට උපදෙස් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මේ අතර ඊයේ, පලස්තීනයේ බටහිර ඉවුරේ සිදු කළ මෙහෙයුම්වලදී පලස්තීනුවන් 64 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායල හමුදාව පියවර ගෙන තිබේ.
හමාස් සටන්කාමීන් යැයි සැක කෙරෙන පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart