
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩවාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායකසභාවේ පිරිසක් විසින් පහරදීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙම විහාරස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයෙ සිට යම් යම් හිරිහැර මැද මෙම භික්ෂුන්වහන්සේලා එහි වැඩවාසය කර ඇතැයි කියයි.
දායක සභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබූ ආරවුලක් මත මෙම අමානුෂික පහරදීම සිදුව ඇති බව කියයි.
මෙම ආරවුල හේතුවෙන් පසුගිය දිනවල මෙම භික්ෂුව හම්බන්තොට ප්‍රදේශයට ගොස් නැවත විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදි එම භික්ෂුව රැඳීසිටි ගොඩනැගිල්ලේ දොරඅගුලු කඩා උන්වහන්සේට අයත් දෑ සොරකම් කර තිබූ බව කියයි.
ඉන් පසුව ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කර නැවත මෙම විහාරස්ථානයට පැමිණ සිටියදී කඩාවැදුණු දායක සභාවේ පියකු හා පුතකු ඇතුළු පිරිසක් ඉතා අමානුෂීක පහර දී සිවුරු ගලවා දමා ඇති බව කියයි.
මෙම පහරදීමට සම්බන්ධ හයදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart