
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බඩල්ගම, මල්ලේවගෙදර පදිංචිකරුවකුගෙන් රුපියල් මිලියන 10 ක කප්පම් මුදලක් ඉල්ලා රුපියල් මිලියන 2 ක කප්පම් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කප්පම් මුදල නොගෙවන්නේ නම් වින්දිතයා සහ ඔහුගේ දරුවා මරාදමන බවට සැකකරුවන් තර්ජනය කළ බවට ජුනි 9 වන දින පැමිණිල්ල ගොනුකර ඇති බව පොලිසිය පවසයි.
එම තර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 2 ක් දැනටමත් ගෙවා ඇති බව පොලිසිය හෙළිකරගෙන ඇත.
ලැබුණු බුද්ධි තොරතුරු මත ක්රියාත්මක වෙමින් පොලිස් නිලධාරීන් ජුනි 17 වැනි දින සීදුව පොලිස් කොට්ඨාශයට අයත් දඹතුරේ ප්රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 32 සහ 46 ක් වන සැකකරුවන් මැටියගනේ සහ කොටුගොඩ පදිංචිකරුවන් වේ.
වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් බඩල්ගම පොලිසියට භාරදී ඇත.
සැකකරුවන් වින්දිතයා බිය ගැන්වීම සඳහා ප්රසිද්ධ පාතාල අපරාධකරුවන් දෙදෙනෙකුගේ නම් භාවිත කර ඇති බව පොලිසිය පවසයි.
කප්පම් ගැනීම සඳහා භාවිත කළ සෙල්ලම් පිස්තෝලයක්, අපරාධයට භාවිත කළ යතුරුපැදියක් සහ කප්පම් ගත් මුදලින් මිලදී ගත් බව කියන ත්රිරෝද රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ජංගම දුරකථන කිහිපයක්, සිම් කාඩ්පත්, විවිධ බැංකුවල ATM කාඩ්පත් සහ වාහන ආශ්රිත ලියකියවිලි ද අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart