
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලු වීමේ චෝදනාව යටතේ දැනට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ට නීති උපදෙස් සහ ඇප ලබාගැනීමට නීතිඥවරුන් දෙදෙනකු ඊයේ(18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් දෙදෙනා එසේ පිටත්ව ගොස් තිබේ.
එහිදී අදහස් දැක් වූ එම නීතිඥවරුන්, පොඩි ලැසීට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුලු වීම පිළිබද චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවත් , ඔහුට ඒ සදහා අවශ්‍ය නීති උපදෙස් ලබාදෙමින් ඇප ඉල්ලීමට කටයුතු කරන බව පවසා ඇත.
පොඩි ලැසීට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයකම නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බවත්, ඒ කිසිදු නඩු කටයුත්තක් සදහා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී නොමැති බවත්, තමන් එම නඩු කටයුතු සදහා අවශ්‍ය සහාය දක්වන බවත් එම නීතිඥවරුන් දෙදෙනා පවසා තිබේ.
ඉන්දියාව තුළ දී තම සේවාදායකයා වෙනුවෙන් මේ වනවිටත් ඉන්දීය නීතිඥවරුන් කීපදෙනෙකු පෙනීසිටින බවත්, ඉන්දියාවේ දී ඇප ලැබුණහොත් ශ්‍රී ලංකාව තුළ පොඩි ලැසීට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
අදාළ නඩුව එළඹෙන 21වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවර තානේ (Thane) අධිකරණයේ දී විභාගවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart