
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් 400ක් පමණක් වටිනා ගම්මිරිස් කිලෝ 02ක් පමණක් සොරකම් කිරීම සම්බන්ධ සිදුවීමකට අදාළ නඩු කටයුතු සඳහා රුපියල් මිලියන 27.4ක් වියදම් කර ඇති බවට විස්මිත හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) අනාවරණය කරයි.
මෙම විස්මිත වියදම දරා ඇත්තේ ඇල්කඩුව වැවිලි සමාගම විසිනි.
සාමාජික මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව විමසූ විට, සමාගමේ නිලධාරීන් එවැනි වියදමක් දරා ඇති බව කෝප් කමිටුව හමුවේ පිළිගෙන තිබේ.
එසේ වියදම් කර මේ සම්බන්ධයෙන් නඩු පවරන ලද නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව කෝප් කමිටුව තීරණය කර ඇත.
සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart