
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ සවස සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර, ඒ, එක් අයකු මීගමුවේදී සහ අනෙක් පුද්ගලයා පුත්තලමේදීය.
මීගමුව, ගල්කන්ද හන්දියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.
වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පළාගොස් ඇත.
මේ අතර, සෙම්බුකුලිය, මහකුඹුක්කඩල ප්‍රදේශයෙන් තවත් වෙඩි තැබීමක් වාර්තා විය.
තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුත්තලම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම ඉඩම් ආරවුලක් මත සිදුවූවක් බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart