
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාකයේ සහ සිරියාවේ අයිසිස් (ISIL) ත්‍රස්ත කණ්ඩායමේ බිඳවැටීමෙන් පසු, එහි ජාලය නැවත ගොඩනැඟීමේ සහ ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ත්‍රස්ත කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු වන මොහියෙඩින් අබ්දුල්ලාහි සහ හොසේන් පාලනි යන අයට පනවා තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
මෙම කල්ලිය ඉරාන-ඉරාක දේශ සීමාවේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් බාමු කඳුකර ප්‍රදේශයේ සිය බලය තහවුරු කරගෙන තිබූ අතර, එහිදී ඔවුන් සටන්කාමීන් බඳවාගැනීම, අවි ආයුධ රැස් කිරීම සහ දේශසීමා හරහා රහසිගතව ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබේ.
ආරක්ෂක සහ බුද්ධි අංශ විසින් මෙම කණ්ඩායම නිරීක්ෂණය කරනු ලැබූ අතර, ඔවුන් කිසිදු ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රථම ඉරාන හමුදා සහ ආරක්ෂක අංශ විසින් අදාළ ප්‍රදේශය වටළා ඇත.
එහිදී ඇති වූ ගැටුම්වලින් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු මියගිය අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉතිරි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ විශාල ආයුධ, පතොරම්, උපකරණ සහ ලේඛන තොගයක් ආරක්ෂක අංශ භාරයට ගත් බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.
විත්තිකරුවන් සහ ඔවුන්ගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු ඇතුළු නීතිමය ක්‍රියාදාමයන්ගෙන් අනතුරුව, ඉස්ලාමීය ඉරාන ජනරජයට එරෙහිව සන්නද්ධ කැරලි ගැසීමේ වරදට අධිකරණය විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට මරණ දඬුවම නියම කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය ද එම තීන්දුව සමාලෝචනය කර ස්ථාවර කළ අතර, සියලු නීතිමය පියවර අවසන් කිරීමෙන් පසු අඟහරුවාදා අලුයම ඔවුන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart