
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී ලෑන්ඩ් කෲසර් රථයක් සහ පැජරෝ වර්ගයේ රථයක් ඒවායේ හිමිකරුවන් විසින් අල්ලස් කොමිසමේ බුද්ධි විමර්ශන ඒකකයට භාරදී තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ නියෝගයකට අනුව මෙම වාහන භාරදුන් බව අල්ලස් කොමිසම පවසයි.
මීට පෙර අල්ලස් කොමිසමට උපදෙස් දී තිබුණේ, 2018 සිට 2024 දක්වා කාලය තුළ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් මිලියන 400ක් වටිනා සුඛෝපභෝගී වාහන හතක් රාජසන්තක කර රාජ්‍ය වත්කම් ලෙස ප්‍රකාශ කරන ලෙසයි.
මෙම නියෝගයට Montero SUV රථ දෙකක් සහ Land Cruiser SUV රථ පහක් ඇතුළත් විය.
මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස සුඛෝපබෝගී වාහන 112ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක කොටසක් වන අතර එමඟින් රු. බිලියන 7 ක බදු පාඩුවක් රජයට සිදුව ඇතැයි පැවැසේ.
පසුගිය සතියේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රේගු අධ්‍යක්ෂවරයාට සහ එම වාහන හතේ වත්මන් හිමිකරුවන්ට නියෝග කළේ, මෙම වාහන අගෝස්තු 13 වැනිදාට පෙර අල්ලස් කොමිසමට භාරදෙන ලෙසයි.
අත්අඩංගුවට ගත් වාහන දෙක ඉදිරි කටයුතු සඳහා අගෝස්තු 23 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නිවේදනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart