September 11, 2025

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ අධිකාරියේ හිටපු ඉඩම් අධ්‍යක්ෂවරයා ය.

සැකකරුවන් දෙදෙනාම අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.