
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිමැරීමට තැත්කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලිසිය මගින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, අදාළ පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.
සැකකාර ගුරුවරියන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම ගුරුවරියන්ගෙන් පහරකෑමට ලක්වී ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් වන අතර, ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
එම දැරියට යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් එක් ගුරුවරියක් බරපතළ ලෙස පළමුව පහරදී ඇති අතර, පසුව අනෙක් ගුරුවරිය අව්වේ දණගස්වා කොස්සකින් පහරදී ඇති බව සඳහන් ය.
එහිදී අදාළ දැරිය ක්ලාන්ත වී ඇති අතර, පසුව ඇයව ඔසවාගෙනවිත් මේසයක් මත අතහැරීමේදී ඇයගේ හිස එහි වැදී ඇති බවද වාර්තා වෙයි.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart