
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි සහ එම දිස්ත්‍රික්කයේම ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ යන නිලධාරීන් දෙදෙනා කිසිදු චෝදනාවක් නොමැතිව වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට කැදවා ඇති බව වාර්තා වේ.
අනුරාධ ජයකොඩි ඇඹිලිපිටියටත්, ධම්මික සතරසිංහ කිරිඇල්ලටත් වාර්ෂික ස්ථාන මාරු ඉල්ලා තිබූ නමුත්, එම දෙදෙනාට ස්ථානමාරු ලබා නොදීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා තීරණ කර ඇත.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි පෙබරවාරි 07 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි, පෙබරවාරි 06 වැනි දින සේවයෙන් පසු වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරිවලින් නිදහස් කරන බව දක්වමින් රත්නපුර පරිපාලන දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න විසින් ලිපියක් නිකුත් කර තිබේ.
මෙම ස්ථානමාරු දෙකේ ඉලක්කය වී ඇත්තේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත් රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය බව පැවසේ.
ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත රත්නපුර මහා සමන් දේවාලයේ නිලවරණය සඳහා දියවඩන නිලමේවරයාගේ පාර්ශවය දිනවීමට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු දෙදෙනකු ඉවත් කළ යුතු බවට රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර ප්‍රකාශයක් සිදුකරඇති බවට චෝදනා එල්ල වේ.
එසේම, මේ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නටද චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart