
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන්ට අයත් වාලච්චේන, ඊච්චයිඅඩිහි කුඹුරු ඉඩමකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
වාලච්චේන පොලිසිය පැවසුවේ අදාළ කුඹුරු ඉඩමේ මුරකරුවන් දෙදෙනා මෙලෙස මියගොස් ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන්ට අයත් මෙම ඉඩම මෙවර වගා කටයුතු සඳහා කරාන් හි පදිංචි ටී. සෙන්දුරන් යන අයෙකුට ලබාදී තිබී ඇතැයි පැවසේ.
එම කුඹුරු ඉඩමට වන අලින් පැමිණීම වැළැක්වීම සඳහා විදුලි වැටක් ආකාරයෙන් අනවසරයෙන් මෙම විදුලි රැහැන් ඇද තිබී ඇතැයි වාලච්චේන පොලිසිය කියයි.
එහි පැටලීමෙන් මියගොස් ඇත්තේ යෝගනාදන් (51) හා එම්. සුදර්ශන් (21) නමැති දෙදෙනෙකි.
ඔවුන් පුලිපංචිකල්, කෝරාවලි සහ කුඩුම්බිමලේ පදිංචිකරුවන් බව කියැවේ.
මියගිය දෙදෙනාගේ සිරුරු හමු වී ඇත්තේ පෙරේදා (13 වැනිදා) රාත්‍රියේදීය.
මෙම මරණ දෙක සම්බන්ධව අපරික්ෂාකාරී ක්‍රියාවක් සිදුකළ චෝදනාවට කුඹුරේ වගා කටයුතු භාරව සිටි ටී. සෙන්දුරන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart