
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුදෙව් දින දර්ශනයේ ශුද්ධම දිනය වන යොම් කිප්පූර් දිනය වන ඊයේ එංගලන්තයේ සිනගෝගයක් අසලදී පුද්ගලයෙකු මෝටර් රථයක් පදිකයින් වෙත ධාවනය කර ආරක්ෂක නිලධාරියකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
බ්‍රිතාන්‍ය පොලිසිය පැවසුවේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගිය බවයි.
මැන්චෙස්ටර් නගරයේ ක්රම්ප්සාල් දිස්ත්‍රික්කයේ හීටන් පාර්ක් හෙබ්‍රෙව් සභා සිනගෝගයට බෝම්බයක් රැගෙන ගිය බවට විශ්වාස කෙරෙන සැකකරුට වෙඩිතබා ඇති බව ද මැන්චෙස්ටර් පොලිසිය පැවසීය.
ප්‍රහාරයෙන් සැකකරු මියගොස් ඇති අතර ඔහු ශරීරයේ සඟවා ගෙන සිටි සැකසහිත ද්‍රව්‍ය හේතුවෙන් ආරක්ෂක ගැටළු මත බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයක් එම ස්ථානයට කැඳවීමට පොලිසියට සිදුවිය.
ඒ අනුව අනාවරණ වී තිබුණේ සැකකරු බෝම්බයක් ද රැගෙන පැමිණ ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව සඳහන් වේ.
මේ අතර ප්‍රහාරයට සම්බන්ධ සැකකරු සිරියානු සම්භවයක් ඇති 35 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ජිහාඩ් අල්-ෂාමි බව බ්‍රිතාන්‍ය බලධාරීන් නිවේදනය කර ඇත.
ඔහු කුඩා දරුවෙකු ලෙස එක්සත් රාජධානියට ඇතුළු වී 2006 දී පුරවැසිභාවය ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබේ.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ද පැවසීය.
ඔවුන් වයස අවුරුදු 30 ගණන්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සහ 60 ගණන්වල පසුවන කාන්තාවක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart