
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල සැකසහිත ලෙස රැඳී සිටියදී පරීක්ෂා කිරීමට යෑමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් සහ අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ බත්තරමුල්ල පිහිටි කාර්යාලයේ රියදුරෙකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
කොල්ලුපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයකු තවත් නිලධාරියකු සමග සිවිල් ඇඳුමින් සැරසී පොලිස් හැඳුනුම්පත පෙන්වා එම ස්ථානයේ සැකසහිත ලෙස රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කිරීමට යෑමේදී ඔවුන් දෙදෙනා පොලිස් නිලධාරීන් දෙදෙනා සමග බහින්බස් වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව එම ස්ථානයට 119 සංචාරයේ නිලධාරීන්ද කැඳවා පරීක්ෂා කිරිමේදී ඔවුන් පොලිස් නිලධාරීන් බවට ප්‍රකාශ කර, පරීක්ෂා කිරීමට ඉඩ නොදී බහින්බස්වීම හේතුවෙන්, සාපරාදී බලහත්කාරය පෑම හා බීමත්ව අශෝභන ලෙස හැසිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart