
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ බෝයිං ඩ්‍රීම්ලයිනර් අනතුරෙන් සතියකට පසු බෝයිං 777-9 මෙහෙයුම් සම්බන්ධයෙන් බෝයිං නිලධාරීන් දෙදෙනෙකු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා සහ කොළඹ ගුවන් තොටුපළ අධිකාරිය සමඟ බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දී හමුවක් පැවැත්වූ බව ගුවන්තොටුපළ අධිකාරිය පැවසීය.
දශකයක් තුළ ලොව සිදු වූ දරුණුතම ගුවන් සේවා ව්‍යසනය වන ජුනි 12 වැනි දින අහමදාබාද් නගරයෙන් වාර්තා විය.
ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් ගුවන් ගත වූ මොහොතේම අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 240කට වැඩි පිරිසක් මිය ගියහ.
අමෙරිකා එක්සත් ජනපදයේ බෝයිං ගුවන්තොටුපළ මෙහෙයුම් ඉංජිනේරු අංශයේ රිචඩ් වයිස්විලා සහ නැපෝලියන් ටොමසිනෝ, බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගොස් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා සහ කොළඹ ගුවන් තොටුපළ අධිකාරියේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන නිලධාරීන් සහ 2026 දී ආරම්භ කිරීමට නියමිත බෝයිං හි නවතම 777-9 මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරීන් සමඟ රැස්වීමක් පැවැත්වූ බව ගුවන්තොටුපළ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
අදාළ නියෝජිතයන් විසින් B777-9 හි සැලසුම පිළිබඳ දැනුවත් කිරීමේ ඉදිරිපත් කිරීම් සිදු කර තිබේ.
නව වින්‍යාසය දැනට තිබෙන B777s වලට වඩා ආර්ථික හා පාරිසරික වැඩිදියුණු කිරීම්වලට හේතු වන බව ඔවුන් සඳහන් කර තිබේ.
ඊට අමතරව මෙම නව ව්‍යුත්පන්නය මගින් ගුවන් තොටුපළවලට සිදුවන පිරිවැය සහ බලපෑම් අවම කිරීමට ද හැකි වේ.
777-9 ගේට්ටු අසල නැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් විධිමත්භාවයන් පිළිබඳව ද නිලධාරීන් සාකච්ඡා කර තිබේ.
බෝයිං විසින් හඳුන්වා දුන් පරිදි, පොලොව මත ධාවලානේ දී සහ නැවැත්වීමේදී පියාපත් හැකිළීමට නිර්මාණය කර ඇත.
ගුවන්ගත වීමට පෙර සහ අහසේ සිටින විට හැකිළීම් දිගු වී අගුලු දමන අතර පළල් පියාපත් ගුවන් යානය වඩාත් කාර්යක්ෂම කරන බව ද බෝයිං සමාගම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart