
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 370ක වටිනාකමකින් යුත් බ්ලු සැෆායර් වර්ගයේ මැණික් ගල් දෙකක් අලෙවි කිරීමට උත්සාහ කළ හිමිනමක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් හිමිනම වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අනෙක් සැකකරු 72 හැවිරිදි වියේ පසුවන අයෙකි.
ඔහු ප්‍රමුඛ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ පියකු ලෙස හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් මැණික් ගල් චෛත්‍යයක හැඩයෙන් යුක්ත වන අතර ඒවා නිධානයකින් ලබා ගත් ඒවා බවට සැක කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart