September 30, 2025

රුපියල් මිලියන 150ක් පමණ වටිනා කොකේන් ළඟ තබාගෙන සිටියදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වලාන දූෂණ මර්දන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පානදුර හිරණ ප්‍රදේශයේදී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් සතුව කොකේන් කිලෝග්‍රෑම් 03 ක් තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.